Posts

Meeting between NHDA / CMA and ICC and MCR on 2021-12-08.

 Today we had a meeting with General Manager/ NHDA with their relevant officiaIs  as scheduled. ICC & CMA represented the meeting. President, Secretary & Mr. Gagaba Sirimanna participated on behalf of MCRRA. As per the agenda , GM/NHDA conducted the meeting. (a.) CMA stressed that the Management Corporation for MCR  will be established after issuing of 50% of the deeds (344) . (b.)  Until such time MCR will not have legal authority. (c.) Accordingly GM will make arrangements to get the relevant approvals for MCR payments from ICC or NHDA. (d.) In order to form the Management Corporation NHDA    GM emphasised its officers to complete 50% of deeds within next two months. (e.) To collect the receipts of notarial fee paid by residents,  NHDA will send an  officer to MCR  every Friday .  (f.) The issues arisen regarding four partite agreement for those who have obtained loans will be solved by DGM/Legal. (g.) GM requested CMA to work ...

පවර්කට් එක පූරුවෙ පවකි! ( රචකයා MCR හී පබ්ලික් ඩොමේන්)

 * ```පබ්ලික් ඩොමේන්```විසිනි. විදුලි බල මණ්ඩලයේ විදුලිය කැපිල්ල ගැන.  අදත් නිවේදනයක් තිබුණා උදේ 8.30 සවස 5.30 තෙක් විදුලි කැපීමක් ගැන. ඊට පෙර අප්‍රේල් 4 පාස්කු ඉරිදාත් මුළු දහවලේ විදුලිය කැපීමේ නිවේදනයක් ආවා. කිහිප දෙනෙක් ඒ වැදගත් දවසේ විදුලිය කපන එක වලක්වගන්න උත්සාහක් ගත්තා. මම දන්නෙ නෑ ඒක හරිගියාද කියලා.  මේ දිනවල පවතින අධික රස්නයත් එක්ක ෆෑන් එකක්, ඒසී නැතිව වර්ග අඩි හත්සීයකට කොටුවෙනවා කියන්නේ.. පවර් කට් එක පූරුවෙ පවක් ! දවසක් රෑ 9.00 සිට 12.00 තෙල් විදුලිය කැපීමේ මේ නිවේදනය නිකුත් කරන්නේ 9.40ට, එයද කිහිප දෙනෙක් පැමිණිලි කලායින් පසුව වෙන්න පුළුවන්.  මීට පෙර විනාඩි 20කට වන විදුලිය කප්පාදුව ගැන උපහාසාත්මකව විශ්මය පලකොට කරන ලද දැනුම් දීමක් ගැන වෙනස් අදහසක් පලකල මහතෙක් විදුලිබල මණ්ඩලයේ දියුණුව ගැන ප්‍රශංසා කොට එම අදහස සදය උපහාසයට ලක්කිරීමක් අපි දුටුවා. ආයතනවලින් කාර්‍යක්ෂමව හා ඵලදායී ලෙස වැඩකරවා ගැනීමට නම් පුරවැසියන් බලගැන්වෙන විවේචනාත්මක / උපහාසාත්මක දෘෂ්ඨියක් එම ආයතන වෙත එල්ල විය යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ නොයෙක් තරාතිරමේ වෘත්තිය සමිති හරහා සේවක වරප්‍රසාද ලබා ගත...

මවුන්ට් කිලිෆර්ඩ් මංගල දැන්වීම ( රචකයා MCR හී පබිලික් ඩොමේන්)

 ඊයේ අපේ වට්ස්ඇප් සාමුහිකයෙ නිවසක නැවත විකුණුමක් රිසේල් ඇත්දැයි ඇසූ කෙනෙකුගේ ප්‍රශ්නයකට දී ඇති පිළිතුරක් දුටුවා.  ඔබලාත් දකින්න ඇති.  රිසේල් ප්‍රයිස් එක මිලියන 10ක් ලෙස සඳහන්  කොට තිබුණා බඩුත් එක්ක.  ෆුලි ෆර්නිෂ්ඩ් කියන්නෙ කොස්මැටික් ෆැක්ටර් එකක්. ඒකෙ තියෙන්නෙ යුටිලිටි වැලියු හෙවත් උපයෝගී වටිනාකමක්.  හැන්දක් රත්‍රන් වලින් තිබුණට හැන්දෙ යුටිලිටි වැලියු එක හැන්දෙන් බෙදා ගැනීම. ඒකෙ රත්‍රන් ප්‍රමාණය තමයි ඉන්ට්‍රින්ස්ටික් වැලියු එක.  ඔය රිසේල් නිවසෙ ෆුලි ෆර්නිෂ්ඩ් ෆැක්ටර් එක ඒ වගේ. ඒකෙ වෙයාර් ඇන්ඩ් ටෙයාර්, ඩිප්‍රිසියේෂන්, පර්ෆොමන්ස් ලොස්, මොඩ්ල් ඔබ්සොලීෂන් නිසා අඩුම ගණනේ  අවුරුදු 5 ක් ඇතුලත ඒවයෙ වැලියු එක සීරො. ඒකයි මම කිව්වෙ ඒක කොස්මැටික් ෆැක්ටර් එකක් කියලා.  එහෙනම් ඒ නිවස මිලියන් 10ක් වටිනවා. ඒක ඒ ගණනට මිල කරන්න පුළුවන්. බයර්ස්ලා ඇට්‍රෑක්ට් වේවි. කොන්සවේටිව් ප්‍රයිස් ටැග් එකක්.  අපි ගත්තෙ මිලියන 5ට අවුරුදු දෙකක් ඇතුලත 100% වැලියු ඉන්ක්‍රිමන්ට් එකක්. ඒ කියන්නෙ එක අවුරුද්දකට 50%ක ඇප්‍රිසියේෂන් රේට් එකක්. මේ රේට් එක ලෝකෙ රියල් එස්‍ටේට් මාකට් එ...

සත්ත කරුණාව (රචකයා MCR හී අජිත් අලවත්ත)

 🐕*සත්ත කරුණාව *🚫 අපේ නිවාස පරිශ්‍රයේ අයාලේ යන සුනඛයෙක් නිවැසියෙක්ව හපා කා ඇති බව දැනගන්න ලැබුණා.  සුනඛයන් ඉන්නෙ කෑම තියෙන, ඔවුන්ට ලැදියාවක් ඇති dog friendly සුනෝඛෝහිතකාමී පරිසරයන් වල. ඒ කියන්නේ අපගේ සත් ක්‍රියාවන්වල ප්‍රථිඵලයක් හැටියටයි සුනඛයන් අපේ පරිසර පද්ධතියේ ඉන්නෙ.  බුදු දහමින් පොහොනි වැ කුළුණු ගුණයෙන් ඔදවැඩුනු සුධීමතුන්ගේ නිසඟ දයානුකම්පාව නිසා මෙන්ම අනන්‍යතා අර්බුදයක identity crisis හිරවී සිටින සමහරෙකුගේ වරදකාරී හැඟීම guilty feeling යටපත් කරන මෙවලමක් විදියටත් මෙම සුනඛ ප්‍රේමය දළු ලා වැඩෙනවා.  ඔව්, ඔඩෙල් ඔටාරාලා එම්බාර්ක් විදියට ව්‍යාපාර සන්නාමයක් හදලා පිළිවෙලකට, සුනඛ සත්කාර කලත් අවිහිංසාවාදයේ පියා මහත්මා ගාන්ධි තුමා කියන්නේ මෙහෙමයි.  Even those who feed stray dogs consented to pay a penalty for their misdirected compassion, we should be free from the curse of stray dogs… We offend against dogs as a class by suffering them to stray and live on crumbs or leavings from our plates that we throw at them and we injure our neighbours also by doing so. මේ එහි ද...

හරි පුදුමෙකි

සොඳ දසුනකි නිවසි ගොඩකි. මාගම්මන  පුරවරයෙහි හරි පුදුමෙකි අත් දහසකි නෑ ඒ සකි මිතුරු දමකි.

කුළුණු ගුණෙන් කුණු ගැන හිතමු ( රචකයා MCR හි පබ්ලික් ඩොමේන්)

'යුරෝපයේ සිට එන ඉන්දියානුවෙක් දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලින් ගොඩ බැස, මෙතෙක් තම සාක්කුවල දමාගෙන සිටි ටොපි කොල, වතුර බෝතල්වල කැප්සියුල් අදිමින් ඒ මේ අත විසිරුවමින්, කෑ කොස්සන් දෙමින්, වැසිකිලියේ වතුර විසිරුවමින්, ගුවන්තොටුපලේ වැසිකිලි හා පොදු ප්‍රදේශය අපවිත්‍ර කරමින් කුණු, නියම ඉන්දියානුවෙකු සේ හැසිරෙයි. යුරෝපයේ සිරකරගෙන සිටි ඉන්දියානු ගතිය පිටකරයි . මෙය ඇමරිකාවේ කැලිෆෝනියාවල සිලිකන් වැලි කොම්පැනියක ඉන්දියානු ලොක්කෙක් සාදයකදී තම ඉන්දියන් සගයන් ඉදිරියේ කල උපහාසාත්මක සඳහනක්. මේක මට මතක් වුණේ අදත් අපේ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස පරිශ්‍රයේ කුණු ප්‍රශ්නයක් ගැන කතාවුණාම. සම්පත් පියසෙ දොරටුව ආසන්නයටම කුණු ගෙනවිත් එතැන දාලා ගිහින්. ඉතින් අර යුරෝපයේ ඉන්දියන් ජාතිකයා වගේම කුණු එකලස් කොට ගෙන ඒමේ බාහිර විනය තිබුණත්, දිල්ලියෙදි ඇතිවුණා වගේ ඇතුලාන්ත ගෝත්‍රික කම ඔළුවට ගහලා තියෙනවා ගාබේජ් හට් එක ළඟදි. අපේ සභාපති තුමා බ්ලොගයක් ආරම්භ කරලා ඒ ගැන කල දැන්වීමට ටික වෙලාවකින් මෙම කුණු ප්‍රශ්නය පින්තූරයකින්ම පෙන්වීම මවුන්ට් ක්ලිෆර්ඩ් සමාජය කුණු සමඟ ඇති අවියෝජනීය සම්බන්ධයට උදාහරණයක්. අපි හැමෝගෙම ඇඟ ...

කිලිෆඩ් මිටියාවතේ නිදහස් අදහස්

     කිලිෆඩ් මිටියාවතට නන් දෙසින් ඇදී ආ ජනතාව ගේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් එක්ව බෙදා හදා ගැනීමට නිදහස් අදහස් ගොනුකිරීමට ප්‍රවේශය ලෙස මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කළෙමි     ඉතින් ලියන්න කවි සිතුවිලි කෙටි කතා නිදහස් අදහස් සංකල්පනා ඇසූ පිරූ තැන් මේ සඳහා ප්‍රථමයෙන් ඔබ කළ යුත්තේ ඔබ ලිවීමට අදහස් කරන කාරණය සමග email ලිපිනය මට 0712201107 WhatsApp කරන්න ඉන්පසු ඔබව ලේඛකයෙක් ලෙස මා විසින් එකතු කරනු ලබනවා බොහෝදෙනාට රසවිඳීමට හැකිවන ලෙස සිංහල මාධ්‍ය හැකි විට භාවිතා කරන්න අන්සතු කාරණා කොපි පේස්ට් කරන්නෙ නම් උපුටා ගත් ස්ථානය දක්වන්න  Admin Umesh Gunathilaka