පවර්කට් එක පූරුවෙ පවකි! ( රචකයා MCR හී පබ්ලික් ඩොමේන්)
* ```පබ්ලික් ඩොමේන්```විසිනි. විදුලි බල මණ්ඩලයේ විදුලිය කැපිල්ල ගැන. අදත් නිවේදනයක් තිබුණා උදේ 8.30 සවස 5.30 තෙක් විදුලි කැපීමක් ගැන. ඊට පෙර අප්‍රේල් 4 පාස්කු ඉරිදාත් මුළු දහවලේ විදුලිය කැපීමේ නිවේදනයක් ආවා. කිහිප දෙනෙක් ඒ වැදගත් දවසේ විදුලිය කපන එක වලක්වගන්න උත්සාහක් ගත්තා. මම දන්නෙ නෑ ඒක හරිගියාද කියලා. මේ දිනවල පවතින අධික රස්නයත් එක්ක ෆෑන් එකක්, ඒසී නැතිව වර්ග අඩි හත්සීයකට කොටුවෙනවා කියන්නේ.. පවර් කට් එක පූරුවෙ පවක් ! දවසක් රෑ 9.00 සිට 12.00 තෙල් විදුලිය කැපීමේ මේ නිවේදනය නිකුත් කරන්නේ 9.40ට, එයද කිහිප දෙනෙක් පැමිණිලි කලායින් පසුව වෙන්න පුළුවන්. මීට පෙර විනාඩි 20කට වන විදුලිය කප්පාදුව ගැන උපහාසාත්මකව විශ්මය පලකොට කරන ලද දැනුම් දීමක් ගැන වෙනස් අදහසක් පලකල මහතෙක් විදුලිබල මණ්ඩලයේ දියුණුව ගැන ප්‍රශංසා කොට එම අදහස සදය උපහාසයට ලක්කිරීමක් අපි දුටුවා. ආයතනවලින් කාර්‍යක්ෂමව හා ඵලදායී ලෙස වැඩකරවා ගැනීමට නම් පුරවැසියන් බලගැන්වෙන විවේචනාත්මක / උපහාසාත්මක දෘෂ්ඨියක් එම ආයතන වෙත එල්ල විය යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ නොයෙක් තරාතිරමේ වෘත්තිය සමිති හරහා සේවක වරප්‍රසාද ලබා ගත...