පවර්කට් එක පූරුවෙ පවකි! ( රචකයා MCR හී පබ්ලික් ඩොමේන්)
*
```පබ්ලික් ඩොමේන්```විසිනි.
විදුලි බල මණ්ඩලයේ විදුලිය කැපිල්ල ගැන.
අදත් නිවේදනයක් තිබුණා උදේ 8.30 සවස 5.30 තෙක් විදුලි කැපීමක් ගැන. ඊට පෙර අප්‍රේල් 4 පාස්කු ඉරිදාත් මුළු දහවලේ විදුලිය කැපීමේ නිවේදනයක් ආවා. කිහිප දෙනෙක් ඒ වැදගත් දවසේ විදුලිය කපන එක වලක්වගන්න උත්සාහක් ගත්තා. මම දන්නෙ නෑ ඒක හරිගියාද කියලා.
මේ දිනවල පවතින අධික රස්නයත් එක්ක ෆෑන් එකක්, ඒසී නැතිව වර්ග අඩි හත්සීයකට කොටුවෙනවා කියන්නේ.. පවර් කට් එක පූරුවෙ පවක් !
දවසක් රෑ 9.00 සිට 12.00 තෙල් විදුලිය කැපීමේ මේ නිවේදනය නිකුත් කරන්නේ 9.40ට, එයද කිහිප දෙනෙක් පැමිණිලි කලායින් පසුව වෙන්න පුළුවන්.
මීට පෙර විනාඩි 20කට වන විදුලිය කප්පාදුව ගැන උපහාසාත්මකව විශ්මය පලකොට කරන ලද දැනුම් දීමක් ගැන වෙනස් අදහසක් පලකල මහතෙක් විදුලිබල මණ්ඩලයේ දියුණුව ගැන ප්‍රශංසා කොට එම අදහස සදය උපහාසයට ලක්කිරීමක් අපි දුටුවා.
ආයතනවලින් කාර්‍යක්ෂමව හා ඵලදායී ලෙස වැඩකරවා ගැනීමට නම් පුරවැසියන් බලගැන්වෙන විවේචනාත්මක / උපහාසාත්මක දෘෂ්ඨියක් එම ආයතන වෙත එල්ල විය යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ නොයෙක් තරාතිරමේ වෘත්තිය සමිති හරහා සේවක වරප්‍රසාද ලබා ගත්තාට පාරිභෝගිකයන් ගේ සමිතියක් නෑ. සෞඛ්‍ය, අධ්‍යාපනය, බැංකු, ධීවර මොන ක්ෂේත්‍ර ගත්තත් ඔවුන්ගේ වරාප්‍රසාද දිනාගැනීමේ සමිති සංවිධාන හරහා බලමුළු ගන්වා තිබුණත් පොදු ජන සේවාලාභීන්ගේ සමිති සමාගම් නෑ. පුරවැසියන්ගේ අයිතිවාසිකම් මොට කෙරුනු, තමන්ම ස්වවන්ධ්‍යාකරනයට පත්ව, නිර්වින්දනයට පත් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගැනීමේ පමණක් නොව එම ආයතන පද්ධතීන්වලට ඉහත් ආකාරයේ වන්දිභට්ට කිරීම් තුලින් වන්නේ අප වැනි දැනුවත් පුරවැසියා තව තවත් අකර්මණ්‍ය හා බෙලහීන වීමයි.
අඩුම ගණනේ රජය විසින් ස්ථාපනය කෙරුනු පාරිභෝගික සේවා අධිකාරිය PUCSL එක විසිරුවාහැරීමේ වෑයමක් පවතිනවා.
අපගේ දිගු නින්ද ඔවුන්ට උඩගෙඩි සපයනවා.
ඒ නිසා අපට යහපත් සේවා තත්ත්ව ලබා ගත හැක්කේ, සුළු කරුණකදී වුවත් ඔවුන්ව විවේචනාත්මක දෘෂ්ඨියකින් දැකීමෙන්. එය ඔවුන්ගේ රැකියාව. අපි ගෙවීම් කරන්නේ කාර්‍යක්ෂම සේවයක් ලබාගන්න. ඉතින් එසේ නොවන විට වන අපගේ ඉවසා වැදෑරීම නිවට නියාළු තත්ත්වයක්. අපගේ ආයතනවල අකාර්යක්ෂමතාවයට අපගේ මේ නිවට බව නිසා වන දෙයක්.
අපි පුරවැසියන් ලෙස බලගැන්වීම නොවෙන තාක් අපගේ ආයතන කාර්‍යක්ෂම වන්නේ නෑ.
Comments
Post a Comment