සත්ත කරුණාව (රචකයා MCR හී අජිත් අලවත්ත)
🐕*සත්ත කරුණාව *🚫
අපේ නිවාස පරිශ්‍රයේ අයාලේ යන සුනඛයෙක් නිවැසියෙක්ව හපා කා ඇති බව දැනගන්න ලැබුණා.
සුනඛයන් ඉන්නෙ කෑම තියෙන, ඔවුන්ට ලැදියාවක් ඇති dog friendly සුනෝඛෝහිතකාමී පරිසරයන් වල. ඒ කියන්නේ අපගේ සත් ක්‍රියාවන්වල ප්‍රථිඵලයක් හැටියටයි සුනඛයන් අපේ පරිසර පද්ධතියේ ඉන්නෙ.
බුදු දහමින් පොහොනි වැ කුළුණු ගුණයෙන් ඔදවැඩුනු සුධීමතුන්ගේ නිසඟ දයානුකම්පාව නිසා මෙන්ම අනන්‍යතා අර්බුදයක identity crisis හිරවී සිටින සමහරෙකුගේ වරදකාරී හැඟීම guilty feeling යටපත් කරන මෙවලමක් විදියටත් මෙම සුනඛ ප්‍රේමය දළු ලා වැඩෙනවා.
ඔව්, ඔඩෙල් ඔටාරාලා එම්බාර්ක් විදියට ව්‍යාපාර සන්නාමයක් හදලා පිළිවෙලකට, සුනඛ සත්කාර කලත් අවිහිංසාවාදයේ පියා මහත්මා ගාන්ධි තුමා කියන්නේ මෙහෙමයි.
Even those who feed stray dogs consented to pay a penalty for their misdirected compassion, we should be free from the curse of stray dogs… We offend against dogs as a class by suffering them to stray and live on crumbs or leavings from our plates that we throw at them and we injure our neighbours also by doing so.
මේ එහි දල අනුවාදය
අයාලේ යන බල්ලන්ට කෑම දෙන අය ඔවුනගේ නොමඟ ගිය දයානුකම්පාව සඳහා වන දඩයකට කැමැත්ත පලකලද අප එම දඩාවතේ යන බල්ලන්ගෙන් නිදහස් විය යුතුය. පන්තියක් ලෙස අප බල්ලන්ට එරෙහිවනුයේ අපගේ පිඟන් වලින් විසිකරන පාන් කෑලිවලින් අයාලේ යන බල්ලන් ජීවත් කරවීම මඟින් අපගේ අසල්වාසීන්ට තුවාල සිදුකිරීම වන නිසයි.
අනුවාදය අවසන්.
තවත් ප්‍රසිද්ධ ගාන්ධි පවුලක් වන ඉන්දිරා ගාන්ධිගේ ලේලිය, සංජය ගාන්ධිගේ බිරිඳ වන සත්ව ක්‍රියාකාරිකයෙක් වන මනේකා ගාන්ධි සම්බන්ධ නඩු තීන්දුවක් හා සබැඳි ලෙස ඇය ලියූ ලිපි කිහිපයක්ම මෙහි ඇතුලත්.
වගවීමකින් තොරව සතුන්ට කෑම දීම යන මේ ලිපිය ඉන්දියන් එක්ස්ප්‍රස් පත්තරේට ලියන මෙග්නා උනියල් ව හඳුන්වන්නේ 'මිනිස් හා සත්ත්ව කාරුණික පදනමේ අධ්‍යක්ෂක හා සම-ප්‍රාරම්භක' The writer is Director & Co-founder, Humane Foundation for People and Animals ලෙස.
ඔව් මිනිස් කරුණාවෙන් තොර සත්ත්ව කරුණාවක් නැහැ.
ඒක ගාන්ධිතුමා කියන විදියට false sense of compassion, දයාවේ විකෘතියක්.
අපි අපේ නිවාස පරිශ්‍රය සුනඛයින්ගෙන් විනිර්මුක්ත කලාපයක් කරමු.
Let’s make our MCR premises a Dog Free Zone!
#NoDogs
🚫🐕
සම්පූර්ණ ලිපිය කියවන්න.
https://indianexpress.com/article/opinion/dog-feeding-without-accountability/
Comments
Post a Comment