මවුන්ට් කිලිෆර්ඩ් මංගල දැන්වීම ( රචකයා MCR හී පබිලික් ඩොමේන්)

 ඊයේ අපේ වට්ස්ඇප් සාමුහිකයෙ නිවසක නැවත විකුණුමක් රිසේල් ඇත්දැයි ඇසූ කෙනෙකුගේ ප්‍රශ්නයකට දී ඇති පිළිතුරක් දුටුවා. 


ඔබලාත් දකින්න ඇති. 


රිසේල් ප්‍රයිස් එක මිලියන 10ක් ලෙස සඳහන්  කොට තිබුණා බඩුත් එක්ක. 


ෆුලි ෆර්නිෂ්ඩ් කියන්නෙ කොස්මැටික් ෆැක්ටර් එකක්. ඒකෙ තියෙන්නෙ යුටිලිටි වැලියු හෙවත් උපයෝගී වටිනාකමක්. 


හැන්දක් රත්‍රන් වලින් තිබුණට හැන්දෙ යුටිලිටි වැලියු එක හැන්දෙන් බෙදා ගැනීම. ඒකෙ රත්‍රන් ප්‍රමාණය තමයි ඉන්ට්‍රින්ස්ටික් වැලියු එක. 


ඔය රිසේල් නිවසෙ ෆුලි ෆර්නිෂ්ඩ් ෆැක්ටර් එක ඒ වගේ. ඒකෙ වෙයාර් ඇන්ඩ් ටෙයාර්, ඩිප්‍රිසියේෂන්, පර්ෆොමන්ස් ලොස්, මොඩ්ල් ඔබ්සොලීෂන් නිසා අඩුම ගණනේ  අවුරුදු 5 ක් ඇතුලත ඒවයෙ වැලියු එක සීරො. ඒකයි මම කිව්වෙ ඒක කොස්මැටික් ෆැක්ටර් එකක් කියලා. 


එහෙනම් ඒ නිවස මිලියන් 10ක් වටිනවා. ඒක ඒ ගණනට මිල කරන්න පුළුවන්. බයර්ස්ලා ඇට්‍රෑක්ට් වේවි. කොන්සවේටිව් ප්‍රයිස් ටැග් එකක්. 


අපි ගත්තෙ මිලියන 5ට අවුරුදු දෙකක් ඇතුලත 100% වැලියු ඉන්ක්‍රිමන්ට් එකක්. ඒ කියන්නෙ එක අවුරුද්දකට 50%ක ඇප්‍රිසියේෂන් රේට් එකක්. මේ රේට් එක ලෝකෙ රියල් එස්‍ටේට් මාකට් එකේ කොහෙවත් නෑ. 


කොළඹ හයි සෝන් කොමර්ෂල් ඩිස්ට්‍රික්ට් එකේ 16%යි. ඇමරිකාවෙ උපරිම 10%, එංගලන්තයේ 8% යි. 


යකෝ හෝමාගම මාගම්මන අපේ එකේ 50%යි. 


ඒ ඇයි?  

ලොකේෂන්?

ගේටඩ් කොමියුනිටි?

නෝප් !


මම හිතන්නෙ තවමත් අපිළිවෙල නොවූ පිළිවෙල, දැට් ඕගනයිස්ඩ් සෙටප් ඇන්ඩ් ඇම්බියන්ස්. මිනිස්සු ගෙවන්න කැමති ඒ ඇම්බියන්ස් එකට. 


කොකාකෝලා එකක් සුපර්මාකට් එකේ ඩොලර් 2ක් වුණාට ඒක මයාමි බීච් එකේදි ඩොලර්  3යි. නයගරා ඇල්ල ඩෙක් එකේදි ඩොලර් 4යි. කෝක් එකට ඒ වැඩිපුර ගණන ගෙවන්නෙ ඒ ඇම්බියන්ස් එක අපි එක්ස්පීරියන්ස් කරනවට. 


බුහාරි හෝටලේ බුෆේ එක රු 400යි. ෂැන්ග්‍රිලා එකේ 8,000යි. කොහොමත් ග්‍රෑම් 250-300 අතරනේ කන්නේ. නමුත් ඇම්බියන්ස් කොස්ට් එක තමයි මැටර් වෙන්නේ. 


ආන්න ඒ වගේ අපේ ලක්ෂ පනහේ නිවස දෙගුණයක් වෙන්නේ මෙන්න මේ අපි නිර්මාණය කරගත් සොඳුරු පරිසරය හෙවත් ඇම්බියන්ස් එක නිසයි. අපගේ නිවාස වලට වන මේ කැපිටල් ගේන් එක නිසා ඉහළ යන්නෙ නිවාස මිල, බදු කුලී වන මූල්‍ය කාරණා විතරක් නෙවෙයි. අපගේ ජීවිතවල ගුණාත්මක බව හා සමාජ වටිනාකම් වැඩිවෙනවා. 


ඒක හරියට වංශවත් පවුලක පරම්පරාවක්, හොඳ වැදගත් පාසැලක අධ්‍යාපනය ලැබූවෙක් වගේ වටිනාකමක්. 

'ආ අර යන්නේ, මවුන්ට් ක්ලිෆර්ඩ් එකේ කෙනෙක්' කියන පාරභෞතික නාම විශේෂණය අපට ලැබෙනවානම් ඒක හොඳ සමාජමය වටිනාකමක්. 


ඉතිං ඒක රැකෙන්න නම්, මේ පරිසරය අපි රකින්න ඕන. 


ඉදිරියෙදි පුවත්පතක මංගල යෝජනා මේ විදියට පලවෙන්න පුළුවන්. 


"... තම එකම දියණියට සහකරුවෙක් සොයයි. මවුන්ට් ක්ලිෆර්ඩ් වලින් නම් විශේෂයි!"


කාටද ආඩම්බර? 😋

Comments

  1. Excellent article with very good example... Pl. keep writing ...

    ReplyDelete
  2. නියමයි තව අවුරුද්දකින් මිලියන 20 ක් කරමු

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පවර්කට් එක පූරුවෙ පවකි! ( රචකයා MCR හී පබ්ලික් ඩොමේන්)

කිලිෆඩ් මිටියාවතේ නිදහස් අදහස්